We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Netha Giya Hemathena

by Professor Sanath Nandasiri

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $7.99 USD  or more

     

1.
  Vocals: Professor Sanath Nandasiri, Malkanthi Nandasiri, Anuradha and the troupe Lyrics: Sunil Sarath Perera Music Composition: Professor Sanath Nandasiri
2.
Lyrics - Bo Maluwe Mal බෝ මළුවේ මල් සුවඳට පැටලී අම්මා පෙවු කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈඳී ගේදොර සෙල්ලම් පිටිය මතක්වෙන්නේ ගංහෝ මිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින් එතෙර කරන්නම් හතර වරිගයම සංසාරේ යන මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහලුවන් හා සැණිනේ එහෙම ගියත් ඒ අය පොඩි සාදූ කියා කියනවිට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා බෝ මළුවේ මල් සුවඳට පැටලී අම්මා පෙවු කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈඳී ගේදොර සෙල්ලම් පිටිය මතක්වෙන්නේ ගංහෝ මිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින් භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරෙන් එතෙර වෙලා Bo maluwe mal suwandata petalee Ammaa pevu kiri suvanda gala ennei Supurudu unuhumakata sitha aendee Geidora sellam pitiya mathakwennei Ganho mitiya kEle medin Enna hithayi numba langata senin Ethera karannam hathara varigayama Sansarei yana mei gamanei Chuttak sellam karala ennada Purudu yahaluvan ha seninei Ehema giyath ei aya podi saadhu Kiya kiyanavita venda vetila Kohomada amme ottu duwanne Wel ipanelle pena natala Bo maluwe mal suwandata petalee Ammaa pevu kiri suvanda gala ennei Supurudu unuhumakata sitha aendee Geidora sellam pitiya mathakwennei Ganho mitiya kEle medin Enna hithayi numba langata senin Bhawayen bhawayei perum pura mama Bavun wada upadina waarei dinayaka mathuda hathara warigayama Ethera karannam sansarei Inpasu evidin amme oba langa Innam kiri suwande ethila Kohomada amme ehema karanne Ammath sasaren ethera wela
3.
Lyrics - Etha Epita Gammanen ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ...// මලානිකව හඳ එලිය ගලා එන අම්බලමක හෙවනේ...// බලා ඉඳිමි ඔබ හිඳින විමන් දොර දැල්වෙන එළිය බඳේ ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ වේදනාව නෙතු අගට ගලාල ඉකිලන නිහඬ රැයේ...// නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ Etha epita gammanen nega ena Batalee handa atharei Ithama dukbara kaviyak mathuweda Eya nidi nomethi pelei...// Malanikawa handa eliya gala ena Ambalamaka hewanei...// Bala indimi oba hindina viman dora Delwena eliya bandei Etha epita gammanen nega ena Batalee handa atharei Ithama dukbara kaviyak mathuweda Eya nidi nomethi pelei Vedanava nethu agata galala Ikilana nihanda reyei...// Neela nuwan tharu keta bonda wenawa Katath hora rahasei Etha epita gammanen nega ena Batalee handa atharei Ithama dukbara kaviyak mathuweda Eya nidi nomethi pelei
4.
Lyrics - Evulunu Ginidel ඇවුලුනු ගිනිදැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා... සුපිපුණු වනමල් සුවඳ හමද්දී ඈ මට හමු වූවා... ඇවුලුනු ගිනිදැල් නිවි නිවි යාද්දී රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී// හිරු අවරට ඇදුනා පාළුව තනිකම රජයන විටදී// ඈ මට හමු වූවා... ඇවුලුනු ගිනිදැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා... ඇවුලුනු ගිනිදැල් නිවි නිවි යාද්දී සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී// රහසක් මට කීවා සුදුමුදු වැල්ලේ සිටියදි තනිවී// ඈ මට හමු වූවා... ඇවුලුනු ගිනිදැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා... සුපිපුණු වනමල් සුවඳ හමද්දී ඈ මට හමු වූවා... Avulunu ginidel nivi nivi yaaddee Ae mata hamu vuwaa... supipunu vanamal suvanda hamaddee Ae mata hamu vuwaa... Avulunu ginidel nivi nivi yaaddee Ran kendi daharin peri peri ithiree// Hiru awarata Eduna Paaluwa thanikama rajayana vitadhee// Ae mata hamu vuwaa... Avulunu ginidel nivi nivi yaaddee Ae mata hamu vuwaa... Avulunu ginidel nivi nivi yaaddee Susinindu saluwak sulangata embaree// Rahasak mata keewaa sudumudu vellei sitiyadi thanivee// Ae mata hamu vuwaa... Avulunu ginidel nivi nivi yaaddee Ae mata hamu vuwaa... supipunu vanamal suvanda hamaddee Ae mata hamu vuwaa...
5.
Lyrics - Dangakara Oya Desa දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ නොදැනීම අපගේම සිත් යාවුනා දසුනින්ම හසුනක් මවා...// උදයේ හවා ඔබ හමුවී එදා දෙඩුවා බැඳීලා සෙනේ...// දෙකොපුල් විලේ හසරැල් පිපී සතුටින්ම කල් යාවුනා දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ නොදැනීම අපගේම සිත් යාවුනා දසුනින්ම හසුනක් මවා සසරේ සදා අප බැඳෙමුයි පතා වැඩුනා හදේහී සෙනේ...// නිලුපුල් නෙතේ හසරැල් මැකී කඳුලින්ම වෙන්වී ගියා දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ නොදැනීම අපගේම සිත් යාවුනා දසුනින්ම හසුනක් මවා Dangakara oya desa dutuwa eda Dura etha pasal viye Nodeneema apagema sith yavuna Dasuninma hasunak mawa...// Udayei hava oba hamuwee eda Deduwa bendeela sene...// Dekopul vilei hasarel pipee Sathutinma kal yavuna Dangakara oya desa dutuwa eda Dura etha pasal viye Nodeneema apagema sith yavuna Dasuninma hasunak mawa Sasarei sada apa bendemuyi patha Veduna hadeihee sene...// Nilupul nethei hasarel mekee Kandulinma venvee giya Dangakara oya desa dutuwa eda Dura etha pasal viye Nodeneema apagema sith yavuna Dasuninma hasunak mawa
6.
Lyrics - Eda Meda Thura එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පිරූ රත් දෙතොල් පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්බුල් සුදුමැලි පාට පොවා දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා දෑස් කවුළු පත් පලා කඳුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැණින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින් එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරා ගෙන උපන් ලයේ ඊයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පිරූ රත් දෙතොල් පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්බුල් සුදුමැලි පාට පොවා දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා Eda meda thura kandulata wivaravu Des piyan path kawulu wasa Layei gala giya senehaye suwa Sina piru rath dethol piya Milana wee giya rosa kusum pethi Kambul sudumeli pata powa Detha layei benda awasan gamanata Sonduriya mata nokiyama giya Des kawulu path pala kandulu keta Weheddee magei des agin Kaath kawuruwath wethath hithayi mata Paath wenna oya muwata udin Aethwa yannata samugena kawuruth Obe muwa dowathath suwanda penin Maath magei hithatath oba suwandayi Aeth noweimayi ei suwandin Eda meda thura kandulata wivaravu Des piyan path kawulu wasa Detha layei benda awasan gamanata Sonduriya mata nokiyama giya Eeyei ipadee ada miya yannata Perum pura gena upan layei Eeyei wegen ahasa usata bendi Adara lokaya hetath thiye Eith ithin den sonduriye oba netha Eyi mei lowa ma thaniwa giyei Ayei dawasaka eka hith aththan Wee api ipademu ekata priyei Eda meda thura kandulata wivaravu Des piyan path kawulu wasa Layei gala giya senehaye suwa Sina piru rath dethol piya Milana wee giya rosa kusum pethi Kambul sudumeli pata powa Detha layei benda awasan gamanata Sonduriya mata nokiyama giya
7.
Lyrics - Mama Nam Asai මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කෝල ලෙසින් වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉර හඳ පමණයි කවදත් උන්නේ මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා මා හා හිනැහුණු අහිංසකාවිය අදත් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන් ලෝකය යනතක ගමනේ යද්දෙන් පුංචි දැරිය යුවතියක වුනාදෙන් මගේ බොළඳ හිත මට තිබුනාදෙන් ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කෝල ලෙසින් වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉර හඳ පමණයි කවදත් උන්නේ මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් Mama nam asayi ahanna nayana Issara wagei obei muwin Denetha piyagena kiyanna mumuna Eka wadanak ho kola lesin Wena kavuruth nae ahagena innei Ira handa pamanayi kawadath unnei Mama nam asayi ahanna nayana Issara wagei obei muwin Indul mahei netha mulinma dutuda Ma ha hinehunu ahinsakaviya Adath eda men dakinna ethnam Mata pem kala mudu nisansalaviya Ma aganthuka lesada penenne Purudu handin eyi hina nowanne Mama nam asayi ahanna nayana Issara wagei obei muwin Pasal kalaya ohe gewedden Lokaya yanathaka gamanei yadden Punchi deriya yuwathiyaka vunaden Magei bolanda hitha mata thibunaden Lowata bayei eyi jeewath venne Durin novei oba Langayi hindinne Mama nam asayi ahanna nayana Issara wagei obei muwin Denetha piyagena kiyanna mumuna Eka wadanak ho kola lesin Wena kavuruth nae ahagena innei Ira handa pamanayi kawadath unnei Mama nam asayi ahanna nayana Issara wagei obei muwin
8.
Lyrics - Pemathura Hengum පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම් හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම් නුරාගික පැතුම් පිපාසිත සිතුම් මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන් නියාළුව හදින් පියා නෙතු පියන් යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින් මුදා නිදි දැහැන් එබී ලෙන් දොරින් අරාජිත පරාදීසය සොයා එමි සිතින් පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම් හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම් නුරාගික පැතුම් පිපාසිත සිතුම් මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන් අරා සිරියහන් නිදා වැතිරෙමින් සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින් සුරා මල් පැණින් පොඟා යුග ලවන් පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන් පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම් හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම් නුරාගික පැතුම් පිපාසිත සිතුම් මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන් Pemathura hengum agei neth kelum Hada santhanei sada sarana ayachana susum Nuragika pethum pipasitha sithum Mana mandirayei kalalaya matha mee ama bandun Niyaluwa hadin piya nethu piyan Yoma yuga savan thaniwemi egei gee nadin Muda nidi dehen ebee len dorin Arajitha paradeesaya soya emi sithin Pemathura hengum agei neth kelum Hada santhanei sada sarana ayachana susum Nuragika pethum pipasitha sithum Mana mandirayei kalalaya matha mee ama bandun Ara siriyahan nida vethiremin Sara salela sithivili ganga gilee nehevemin Sura mal penin ponga yuga lavan Pina pasinduran sathapami sonduru sihinayen Pemathura hengum agei neth kelum Hada santhanei sada sarana ayachana susum Nuragika pethum pipasitha sithum Mana mandirayei kalalaya matha mee ama bandun
9.
Lyrics - Sende Kaluwara Gala සැන්දෑ කලුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි ඔබේ සිනා සඳ මඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි සැන්දෑ කලුවර ගලා... කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුන අමා සුවය දෙන අතුපැල හෙවනේ අසරණ වූදා මට ඔබ පමණයි මදකට හෝ සැනසුම ගෙනදෙන්නේ සැන්දෑ කලුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි සැන්දෑ කලුවර ගලා... පිබිදෙන ලොව හා තරඟකරන්නට හෙට අළුයම යලි පිටවිය යුතුවේ ඔබෙන් දුරව සිටිනා හැම මොහොතෙම ඔබේ හදට වැඩියෙන් තව ලංවේ සැන්දෑ කලුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි ඔබේ සිනා සඳ මඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි සැන්දෑ කලුවර ගලා... Sende kaluwara gala helena vita Senehasa delvunu nivesa soya emi Obei sina sanda madala muwaven Jeevithayei duk vehesa niwa gami Sende kaluwara galaa... Kurulu kedellaka unusuma ketivuna Ama suwaya dena athupela hevanei Asarana vuda mata oba pamanayi Madakata ho senasuma genadennei Sende kaluwara gala helena vita Senehasa delvunu nivesa soya emi Sende kaluwara galaa... Pibidena lowa ha tharangakarannata Heta aluyama yali pitaviya yuthuve Oben durawa sitina hema mohothema Obei hadata vediyen thawa lanwei Sende kaluwara gala helena vita Senehasa delvunu nivesa soya emi Obei sina sanda madala muwaven Jeevithayei duk vehesa niwa gami Sende kaluwara galaa...
10.
Lyrics - Netha Giya Hemathena නෙත ගිය හැමතැන දළු මල් අභරණ වසන්ත සමයයි එලැඹෙන්නේ// කොවුලා වෙන තත වයමින් දස අත පෙම් පණිවුඩයයි පතුරන්නේ// ආදර දියකඳ සෝ බැමි සිඳ බිඳ ලලිත ලතාවට බැස යනවා...// දුහුල් වලා මැද - සුපුන් සරා සඳ දැක ඔබෙ වත මට සිහිවෙනවා// නෙත ගිය හැමතැන දළු මල් අභරණ වසන්ත සමයයි එලැඹෙන්නේ// දුකින් පිරී ගිය අඳුරු අතීතය යලි නොම එන ලෙස ඇදී ගියේ...// හෙටක් උදාවෙයි - සිතක් පිනයයි කිසිදා සොම්නස සිඳී නොයේ// නෙත ගිය හැමතැන දළු මල් අභරණ වසන්ත සමයයි එලැඹෙන්නේ// කොවුලා වෙන තත වයමින් දස අත පෙම් පණිවුඩයයි පතුරන්නේ// Netha giya hemathena Dalu mal abarana Wasanta samayayi elambenne// Kowula venathatha Vayamin dasa atha Pem panivudayai pathuranne// Adara diyakanda so bemi sinda binda Lalitha lathawata besa yanawa...// Duhul wala meda - Supun sara sanda Deka obe watha mata sihiwenawa// Netha giya hemathena Dalu mal abarana Wasanta samayayi elambenne// Dukin piree giya anduru atheethaya Yali noma ena lesa adee giyei...// Hetak udaweyi - Sithak pinayayi Kisida somnasa sindee noye// Netha giya hemathena Dalu mal abarana Wasanta samayayi elambenne// Kowula venathatha Vayamin dasa atha Pem panivudayai pathuranne//
11.
Lyrics - Yasodhara Yasodhara යසෝධරා... යසෝධරා... සිතේ නැගුනු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙරසිට...// යසෝධරා... යසෝධරා... එයින් මිදෙන මං පෙත සොයනා සඳ ඔබෙන් ලැබෙන නිබඳවම සියළු වෙර සමාධියෙන් සිත ඈත දිවෙන විට පමා නොවෙයි යලි ඇවිදින් මේ දෙස... සිතේ නැගුනු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙරසිට...// යසෝධරා... යසෝධරා... එයින් මිදෙන මං පෙත සොයනා සඳ ඔබෙන් ලැබෙන නිබඳවම සියළු වෙර දයා සිතින් එක බැල්මක් දී නෙත හෙමෙන් මැකී යයි යසෝධරා වත... සිතේ නැගුනු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙරසිට...// යසෝධරා... යසෝධරා... Yasodhara... Yasodhara... Sithei negunu kalakireema kumariya Oba pamanayi dena sitiye perasita...// Yasodhara... Yasodhara... Eyin midena man petha soyana sanda Oben lebena nibandawama siyalu wera Samaadhiyen sitha aetha divena wita Pama noveyi yali evidin mei dhesa... Sithei negunu kalakireema kumariya Oba pamanayi dena sitiye perasita...// Yasodhara... Yasodhara... Eyin midena man petha soyana sanda Oben lebena nibandawama siyalu wera Daya sithin eka belmak dee netha Hemen mekee yayi yasodhara watha... Sithei negunu kalakireema kumariya Oba pamanayi dena sitiye perasita...// Yasodhara... Yasodhara...
12.
Lyrics - Mahada Pem Vile මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැළි නගාලා පොපියන පියුමි ප්‍රිය ලඳේ මහද පෙම් විලේ නයන යුග ඔබේ දිලෙන මැණික් විලස දිසේ...// නළල් සඳ නවාලා...// දෙව්දුනු දෙබැම ඔප නැගේ// මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැළි නගාලා පොපියන පියුමි ප්‍රිය ලඳේ මහද පෙම් විලේ සසර සැරිසරා යුගෙන් යුගේ උපත් ලබා...// නිතොර ඔබ පතාලා එන්නෙමි සිහින ගඟ වගේ...// මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැළි නගාලා පොපියන පියුමි ප්‍රිය ලඳේ මහද පෙම් විලේ... Mahada pem vile Nibanda nura rengum ranga Susum reli nagaalaa Popiyana piyumi piya landei Mahada pem vile Nayana yuga obei Dilena menik vilasa disei...// Nalal sanda nawaalaa...// Devdunu debema opa negei// Mahada pem vile Nibanda nura rengum ranga Susum reli nagaalaa Popiyana piyumi piya landei Mahada pem vile Sasara serisara Yugen yugei upath laba...// Nithora oba pathaalaa Ennemi sihina ganga wagei...// Mahada pem vile Nibanda nura rengum ranga Susum reli nagaalaa Popiyana piyumi piya landei Mahada pem vile...
13.
Lyrics - Seetha Rae Yame සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණුසුම් සුසුම් වැල් මා හදේ රහසේ රැඳුණා... දුලීකා දුලීකා දුලීකා දුලීකා මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණුසුම් සුසුම් වැල් මා හදේ රහසේ රැඳුණා... දුලීකා දුලීකා දුලීකා දුලීකා මා ඔබේ හසරැල් ජලාසේ කිමිදෙනා මොහොතේ ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණුසුම් සුසුම් වැල් මා හදේ රහසේ රැඳුණා... දුලීකා දුලීකා දුලීකා දුලීකා දුලීකා දුලීකා දුලීකා දුලීකා දුලීකා දුලීකා දුලීකා දුලීකා Seetha rae yame andure Wasana nil desa paya Adarei unusum susum vel Ma hadei rahasei renduna... duleeka duleeka duleeka duleeka Ma bala sitiya diwa rae Kalpana yahanei Nae ewan ruwa thama dutuwe Nandunana sihine Seetha rae yame andure Wasana nil desa paya Adarei unusum susum vel Ma hadei rahasei renduna... duleeka duleeka duleeka duleeka Ma obei hasarel jalasei Kimidena mohothei Oba soya ennam igillee Tharaka eliyei Seetha rae yame andure Wasana nil desa paya Adarei unusum susum vel Ma hadei rahasei renduna... duleeka duleeka duleeka duleeka duleeka duleeka duleeka duleeka duleeka duleeka duleeka duleeka
14.
Lyrics - Budu Hamuduruwo Vediya බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනුමැනේ මා ගෙළලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ අනේ ස්වාමිනි මා ගෙළලන්නට ඉඩනම් දෙන්න එපා ගෙළ වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා නැතිදා ලඟ උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණයෙ දොරකඩ සිට ඔබ පායුග සිඹ සමු ගනිමි මෙමා කෙලිලොල්කම් කල මා සතු දිවි මග දැන් දැන් වේවි නිමා මරණ බයක් නෑ අම්මා සිහිවෙයි බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ දුක හිතිලයි මා හිරගෙදරට ආවේ පුතුගේ මරණ දිනේ දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ Budu hamuduruwo vediya wageyi pinbara swaminei Duka hithilada hiragedarata wediyei magei marana dinei Mage ammawath doratuwa addara hitiyada kiyanu menei Maa gelalu bawa eyata kiyanawada budubawa lebeyi anei Anei swamini maa gelalannata idanam denna epa Gela wwlaluwoth mage malakanda ammata pennanna epa Ethida langa un mithuran mathu sasaredi hamuwanna epa Nethida langa un budu ammei oba duk gini ganna epa Budu hamuduruwo vediya wageyi pinbara swaminei Duka hithilada hiragedarata wediyei magei marana dinei Nodena keruwath warada waradamayi netha kisi dinaka sama Maranaye dorakada sita oba payuga simba samu ganimi mema Kelilolkam kala maa sathu divi maga den den wevi nima Marana bayak nae amma sihiweyi Budu hamuduruwo vediya wageyi pinbara swaminei Duka hithilayi maa hirageta aawei puthugei marana dinei Dudanan esurin para pana nesuwath numba mage puthuya anei Mathu upadinada magema puthu weyan honda minisaku lesinei
15.
Lyrics - Ma Hada Asapuwa මා හද අසපුව කුසුමෙන් සැරසූ ඒ මල් බර දෑසයි ජීවන මහමග කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි දකින තුරු සිත දැඩි අවිවේකයි සෙනෙහස පොදිබැඳ හිසින් දරා සැනසිලි පිණිදිය රැගෙන පෙරා...// සැතපෙන කුටියට ඇය ආ අන්දම සුවඳ සිහිනයකි භවය පුරා මා හද අසපුව කුසුමෙන් සැරසූ ඒ මල් බර දෑසයි ජීවන මහමග කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි දකින තුරු සිත දැඩි අවිවේකයි මුවින් අමොද බිඳු බිඳු වෑහේ සිතුම් පැතුම් එකිනෙක පෑහේ...// දායදය ලෙස අබැටක් නොපතමි ඇගෙ නොකැලැල් හද මට සෑහේ මා හද අසපුව කුසුමෙන් සැරසූ ඒ මල් බර දෑසයි ජීවන මහමග කැල්මෙන් හෙලිකල ඒ නිල්මිණි දෑසයි දකින තුරු සිත දැඩි අවිවේකයි Maa hada asapuwa kusumen serasu ei malbara desayi Jeewana mahamaga kelmen helikala ei nilmini desayi Dakina thuru sitha dedi avivekayi senehasa podibenda hisin dara Senasili pinidiya regena pera...// Sethapena kutiyata eya aa andama Suwanda sihinayaki bawaya pura Maa hada asapuwa kusumen serasu ei malbara desayi Jeewana mahamaga kelmen helikala ei nilmini desayi Dakina thuru sitha dedi avivekayi Muvin amoda bindu bindu vehei Sithum pethum ekineka pehei...// Dayadaya lesa abatak nopathami Agey nokelel hada mata sehei Maa hada asapuwa kusumen serasu ei malbara desayi Jeewana mahamaga kelmen helikala ei nilmini desayi Dakina thuru sitha dedi avivekayi
16.
Lyrics - Lassana Nam Nae ලස්සන නම් නෑ පෙනෙන්නේ - ඉස්සර සුවඳයි දැනෙන්නේ// එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන් මතක් උනත් අමිල සැපතකි ලස්සන නම් නෑ පෙනෙන්නේ... උකුල් තලා සලා ආ නාරි ලතාවෝ අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ...// වැයූ වගේ හවුල් වී ගැයූ රඟේ කොවුල් ගී ගියේ ඔවුන් ලඳුන් කොහේදෝ ලස්සන නම් නෑ පෙනෙන්නේ - ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන් මතක් උනත් අමිල සැපතකි ලස්සන නම් නෑ පෙනෙන්නේ... සවන් පුරා පිරීලා වස්දඬු රාවේ සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ...// සිතූ සිතුම් බිඳීලා පැතූ පැතුම් සිඳීලා ජීවිතේ ගමන් විලාසේ ලස්සන නම් නෑ පෙනෙන්නේ - ඉස්සර සුවඳයි දැනෙන්නේ// එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන් මතක් උනත් අමිල සැපතකි ලස්සන නම් නෑ පෙනෙන්නේ... Lassana nam nae penennei - Issara suwandayi denennei// Eda sonduru piya dasun - Meda sihinayaki kasun Mathak unath amila sepathaki Lassana nam nae penennei... Ukul thala sala aa nari lathawo Amal sina negu ran charulathawo...// veyu vagei havul wee geyu rangei kovul gee Giyei owun landun kohedo Lassana nam nae penennei - Issara suwandayi denennei Eda sonduru piya dasun - Meda sihinayaki kasun Mathak unath amila sepathaki Lassana nam nae penennei... Sawan pura pireela wasdandu rawei Susum helayi sitharei neth yuga naevei...// Sithu sithum bindeela pethu pethum sindeela Jeewithei gaman wilasei Lassana nam nae penennei - Issara suwandayi denennei// Eda sonduru piya dasun - Meda sihinayaki kasun Mathak unath amila sepathaki Lassana nam nae penennei...

about

ABOUT THE ALBUM

A collection of memorable songs of Professor Sanath Nandasiri and Malkanthi Nandasiri from Sri Lanka.

Music composition of most of the songs were by Professor Sanath Nandasiri. One noteworthy song is "Budu Hamuduruwo Wediya Wagei" (බුදු හාමුදුරුවො වැඩියා වාගේ) where both lyrics and music composition were done by Professor Sanath Nandasiri, and his wife Malkanthi Nandasiri assists in the vocals.

For Sinhala and English Lyrics, please go to songs.


ABOUT THE ARTIST

Professor Sanath Nandasiri (Sinhala: මහාචාර්ය සනත් නන්දසිරි) is a highly acclaimed Sri Lankan classical musician who has received several awards.

Born on 15th February 1942 in Gothatuwa, Sri Lanka to businessman and building contractor, H M William Perera and Dona Amalin Katugampola, he, as an adolescent, attended two schools Gothatuwa Maha Vidyalaya and St. Matthew’s College, Dematagoda where he studied English.

In 1955, at the age of 13, he first appeared on the Sinhala Radio, and soon after began studying the tabla instrument under D R Peiris. In 1960 he went to India to continue his studies at Bhatkhande Music Institute where his teachers included Ustad Ahmed Jan Thirakwa, G N Nattu, Ustad Mokshut Ali, Pandit Hari Shankar Misra and Ustad Rahimmuddeen Khan Daga. There, he composed several songs that appeared on Lucknow radio.

He returned to Sri Lanka in 1974 and joined the University of Kelaniya as a lecturer where, from 1988 – 1992, he served as the Head of Music. He obtained a first class at the "Nipun" vocal music examination in 1992 and became the first Sri Lankan to achieve this.

He and his wife Malkanthi have collaborated on several songs before and after their marriage. Their daughter Anuradha is also a musician and is currently back in Sri Lanka with her husband Nirosha Bandara.

Professor Sanath Nandasiri serves as the Dean of the Music Faculty at the University of the Visual Arts and Performing Arts.

credits

released December 8, 2011

license

all rights reserved

tags

about

Professor Sanath Nandasiri Sri Lanka

Professor Sanath Nandasiri is a highly acclaimed Sri Lankan classical musician who has received several awards.

He first appeared on Radio at the age of 13, and studied tabla under D R Peiris. In 1960 he went to Bhatkhande for further studies.

Back in Sri Lanka he joined University of Kelaniya and now serves as the Dean of the Music Faculty at the University of the Visual Arts & Performing Arts.
... more

contact / help

Contact Professor Sanath Nandasiri

Streaming and
Download help

Report this album or account

Professor Sanath Nandasiri recommends:

If you like Professor Sanath Nandasiri, you may also like: